පෙම්වතියගේ මාල කඩන්න පෙම්වතාත් හවුල්


පෙම්වතියගේ රන් පෙන්ඩනය හා මාලයක් මහරගම කනත්ත ළඟදී හය මාසයකට පෙර  කඩා ගැනීම සැළැසුම් කළ පෙම්වතා ද මාල කොල්ලකරුවන් පිරිසක් ද අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ නොවිසිදුණ අපරාධ අංශය කියයි.

පෞද්ගලික රෝහලක හෙද පාළිකාවක වන පෙම්වතිය සමඟ පෙම්වතා   ගමනක් යද්දී  ත්‍රිරෝද රියකින් පැමිණි පිරිසක් රුපියල් ලක්ෂයක රන් බඩු කොල්ල කා   ඇත.

දොදනාම මේ ගැන පොලීසියට පැමිණිලි කළත් කොල්ලකරුවන් අල්ලා  ගැනීමට නොහැකි විය.මිරිහාන පොලිස් පරීක්ෂකයින් සොයාගත් කරුණු අනුව කොල්ලකරුවන් රුපියල් හැටඑක් දහසකට විකුණා ඉන් භාගයක් පෙම්වතාට දී ඇත.

රන් බඩු දකොල්ලයට යොදාගත් ත්‍රිරෝද රිය ද සොයා ගැනීමට හැකි විය.