පෙම්වතියගේ පියා පෙම්වතා උස්සයි


(ෂේන් සෙනෙවිරත්න )

පාසල් යන වයසේ පෙම් යුවළක් උපකාරක පන්තිය හමාර වීමෙන් පසු ඒ අසළ පාළු මාවතක ගමන් කරමින් සිටිදි පෙම්වතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියගේ මව පියා සහ පියාගේ මිත්‍රයකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

කටුගස්තොට ප්‍රදේශයම ප්‍රධාන පෙළේ පාසල් දෙකක ඉගෙනුම ලබන මෙම 17 හැවිරිදිසිසුවා හා 18 හැවිරිදි සිසුවිය තම පාසල ආසන්නයේම ඇති පෞද්ගලික උපකාරක පංතියක දේශන හමාර වීමෙන් පසු ඒ අසළ පාළු මාවතක ගමන් කරමින් සිටියදී සිසුවියගේ පියා තවත් මිතුරෙකු සමග මෝටර් රථයකින් පැමිණ සිසුවා හා තම දියණිය මෝටර් රථයට නංවාගෙන කටුගස්තොට යටිවාවල ප්‍රදේශයේ ඔවුන්ගේ නිවසට රැගෙන ගොස් තිබේ.

සිසුවියගේ මව පියා සහ මිතුරා එක්ව එම සිසුවාට පහරදී තර්ජනය කොට නැවත නිත්තවල ප්‍රදේශයේ පිහිටි සිසුවා ගේ නිවසට පැමිණ සිසුවා භාරදී ඇති බව පොලිසිය සඳහන් කළේය.

සිසුවාට පහරදුන් බවට සිසුවා දෙමව්පියන්ට පැවසීමෙන් පසු සිසුවා පෙරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්  කර කටුගස්තොට පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස් විමර්ශන  අරඹා තිබේ.