පෙම්වතිය ළඟ කුඩු කිලෝ 7 යි පෙම්වතා ළඟ 2 යි


රාගම රෝහලෙන් පැන ගිය බව කියන හෙරොයින් මත් කුඩු සැකකරුගේ ගෝලයකු ඇතුළු අට දෙනකු  බොරැල්ලේ කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

බොරැල්ල හා කෙසෙල්වත්තෙන් කුඩු කිලෝ 2 ග්‍රෑම් 200 ක් ද ජා ඇළින් කුඩු කිලෝ හතක් ද සොයාගෙන ඇත.

සැකකරුවන් අතර ගැහැණු දෙදෙනෙක් ද වෙති.

තුසිත චාමර නොහොත් දිලාන් පසුගිය දෙවැනිදා  රාගම රෝහලින් පැන ගිය නමුත් මෙතෙක් අල්ලා ගැනීමට හැකි වී නැත.

බ්‍රහස්පතින්දා (17) විවාහ වීමට නියමිත කුඩු සැකකරු ද ඔහුගේ පෙම්වතිය ද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙතියි පිරිස කියයි.

පෙම්වතාගේ ගෙදරින් හා කෙසෙල්වත්තෙන් කුඩු කිලෝ දෙකකට වැඩි ප්‍රමාණයක් ද පෙම්වතියගේ නිවසින් කුඩු කිලෝ හතක් ද සොයාගෙන ඇත.මල් පෝච්චි ,බෆල් ආදීයේ මෙම කුඩු සඟවා තිබු බවද පොලීසිය පවසයි.

65 67 69