පෙම්වතිය මැරුවාට පස් වසරක් හිරේ


තම පෙම්වතිය වූ ස්ටීන් කෑම්ප් මරා දැමූ දකුණු අප්‍රිකා මළල ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස්ට බ්‍රිටෝරියා උසාවියෙන් වසර පහක සිර දඬුවම් නියම විය.

ඔහු අනියම් මිනී මැරුමට වරදකරු විය.

ඔහුට දස වසරක සිර දඬුවමක් දෙන්නැයි පැමිණිල්ල ඉල්ලා සිටියේය.