සිය ඉන්දියා ජාතික පෙම්වතා 2010දී දෙකොණ බර යෙදූ යටියකින් ගසා මරා දැමූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට සිංගප්පූරු මහාධිකරණය දස වසරක සිර දඩුවම් නියම කළේය.
2007 දී මේ දෙදෙනා දැන හඳුනාගෙන ඇති බවත්, පෙම්වතා වන මුරුගයියා සෙල්වම් (32) 1998 වැඩට ආ බවත්, පෙම්වතිය කෝනේෂ්වරී තාමරලිංගම් (දැන් 34) 2004 වැඩට ආ බවත් ඉන්දියාවේ සිදුවන තමාගේ මගුලට සූදානම් වීම සඳහා මුදල් ගැනීමට හාම්පුතාගේ චෙප්පොත ඉල්ලා ඇති බවත් නඩුවේදී කියැවිණි.
කෝනේෂ්වරීගේ සැමියා හා දරුවන් ශ්‍රී ලංකාවේ ජීවත් වන බව ද, ඇය මුදල් ගැනීමට හා සල්ලාල කම් සදහා යොදා ගන්නට තැත් කළ බවත්, දෙදෙනා අතර ඇතිවූ ගැටුමෙන් පසු කෝනේෂ්වරී කිලෝ 5.6ක් බර යටියෙන් ඔහුට පහර දී ඇති බවත් වාර්තා වෙයි.