(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පොලීසිය කියයි.
අනතුර සිදුවු ස්ථානයේ දීම එසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්ව තිබුණේ තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල අලස්වත්තේ පදිංචිව සිටි වික්‍රමසිංහ ගමාච්චිගේ මිලාන් සමීර (30) නැමැති තරුණයෙකු සහ පොල්හේන කාසිවත්තපුර පදිංචිව සිටි එදිරිසිංහගේ එමල්ෂී හවිස්කා ඩයස් (23) නැමැති තරුණියකි.
මියගිය තරුණයා තෙලිජ්ජවිල සතොස ශාඛාවේ මුදල් අයකැමිවරයෙකු ලෙසද මිය ගිය තරුණිය මාතර නගරයේ පෞද්ගලික ආයතනයක ලිපිකාරිනියක ලෙසද සේවය කර තිබෙන බව කියයි.
ඔවුන් මාතර සිට දෙවිනුවර දක්වා යතුරුපැදියෙන් යන අතරතුර දී මාතර සිට තිස්සමහාරාමය බලා ගමන් කරමින් තිබු පෞද්ගලික බසයේ පිටුපස රෝද වලට යටවී තිබෙන බව පොලීසිය කියයි.