පෙබරවාරියේ සිට සිරකරු වැටුප් ඉහළට


ලබන පෙබරවාරියේ සිට සිරකරුවන්ගේ වැටුප් වැඩි කිරීමට බන්ධනාගාරය සැරැසෙයි.

දිනකට රුපියලක් ලැබු සිරකරුවනට රුපියල් 60 ක් ද රුපියල් 1.50 ලැබු සිරකරුවන්ට රුපියල් 75 ක් ද රුපියල් 2.50 ගෙවු සිරකරුවනට රුපියල් සීයය බැගින් ද වැඩි වන බව බන්ධනාගාර  කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා කියයි.

මේසන් ,වඩු ,බේකරි ,මුද්‍රණ හා සබන්  නිපද වීම ඇතුළු  වෘත්තීන්හි කටයුතුවල නියැලෙන සිරකරුවනට වැටුප් ගෙවනුයේ  සිව් වැදෑරුම් වර්ගීකරණයක් යටතේය.