පෙබරවාරියේ තෙල් සූත්‍රය එයි


ලබන මාසයේ සිට පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් සඳහා නව මිල සූත්‍රයක් හඳුන්වාදෙන බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 50ටත් වඩා පහළ බැස ඇති බැවින් ඉතා ඉක්මණින් ඉන්ධන මිල අඩුකිරීම පහසු කාර්යයක් බව ද ඒ මහතා කියා සිටියේය. නව මිල සූත්‍රයට අනුව ජනතාවට බරක් නොවන ආකාරයෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවැඩි වීම අනුව ශ්‍රී ලංකාවේ තෙල් මිල ඉහළ පහළ යනු ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.