පෙදරේරුවා අමානුෂික වැඩක් කරයි


පාදුක්ක දොම්පේ ත්‍රිරෝද රථ රියදුරකුගේ පාද දෙකම කඩුවකින් කපා වෙන් කළැයි කියන පෙදරේරුවකු සොයා පරීක්ෂණ අරඹා ඇතැයි පාදුක්ක පොලීසිය කියයි.

ත්‍රිරෝද රථ රියදුරාගේ එක් කකුලක් දණ හිස ළගින්ද අනෙක් කකුල වළලුකර ළගින්ද කැපී ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළු කැර ඇත.