පෙත්සම අස්කරගන්නවාට නීතිපතිගේ විරෝධය


හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ටිරාන් අලස් මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ ප‍්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අද (27) සිය විරෝධය දැක්වීය.

රජයේ මුදල් රුපියල් මිලියන 240ක්  සාපරාධි සාවධ්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ටිරාන් අලස් මහතා කරුණු වසන් කරමින් ඇප ලබා ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කොදාගොඩ මහතා අධිකරණයට දැන්වීය.

මෙම පෙත්සම එච්.සී.ජේ.මඩවල සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.