සියලු බදු, වරාය ගාස්තු, නිෂ්පාදන ගාස්තු, පිරිපහදු ගාස්තු ද සමග පෙට්‍රල් ලීටරයක් රුපියල් 120කට දිය හැකිව තිබියදී දැන් රුපියල් 162කට විකුණමින් රජය රුපියල් 40ක ද, අයි ඕසී ඉන්දියා තෙල් සමාගම රුපියල් 45ක ද අධික ලාබයක් ලබතියි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කියයි.
පෙට්‍රල් ලීටරයක් ශ්‍රී ලංකාවට ගොඩබාන විට මිල රුපියල් 84.18ක් බව ඔහු කියයි.
ඩීසල් ලීටරයක් රුපියල් 108කට අළෙවි කළ හැකිව තිබියදී දැන් රුපියල් 112කට අළෙවි කරන බවත් ඔහු කියයි.
තෙල් මිල වැඩිවීම නිසා හෙට අනිද්දා බස් ගාස්තු එළවළු ඇතුළු සියලු භාණ්ඩ මිල වැඩි වෙතියි ද, කබලෙන් ලිපට වැටී සිටි ජනතාවට ළඟදී විදුලි ගාස්තුද වැඩියෙන් ගෙවීමට සිදු වනු ඇතැයි ද ඔහු පවසයි.