පෙට්‍රල් මිල 10කින් අඩුවෙයි


අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල අඩු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
 

පෙට්‍රල් මිල රුපියල් 10කින් ද, ඔටෝ ඩීසල් රුපියල් පහකින් ද, සුපර් ඩීසල් රුපියල් 10කින් ද අඩු කරන බව වික්‍රමසිංහ මහතා කීවේය.

ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 10කින් අඩු වන අතර නව මිල රුපියල් 125කි. ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 10කින්  අඩු වන අතර ඒ අනුව නව මිල රුපියල් 149කි. ඔටෝ ඩීසල් රුපියල් 5කින් අඩු වන අතර නව මිල රුපියල් 105කි.

සුපර් ඩීසල් මිල රුපියල් 10කින් අඩු වන අතර නව මිල රුපියල් 121කි.

 

(36698)