පෙට්‍රල් නැව් තොග පහක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි


(අංජුල මහික වීරරත්න)

පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය  ලැබී ඇත.

2025- 09-15 දින සිට 2026-03-14 දින දක්වා මාස හයක  කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000+/-5%ක අවශ්‍යතාව සපයා ගැනීම සඳහා ලංසු කැඳවා තිබේ. 

මේ සඳහා සැපයුම්කරුවන් 8 දෙනකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000+/-5% (බැරල් 300,000+/-5% බැගින් වූ නැව් තොග 5ක් සපයා ගැනීම සඳහා වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව  M/s. Adaya Birla Global Trading (Singapore) pte. Ltd. Singapore පිරිනැමීම පිණිස බල ශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.