
(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල පූනාගල එල්. එල්. ජී. කොටසේ හදිසියේ මතුවූ නායයාමේ අවදානමක් හේතුවෙන් එහි පදිංචි පවුල් දාහතරක් අද 29 අලුයම ඉවත් කර ගත් බව හල්දුම්මුල්ල ප්‍රදේශීය ලේකම් කේ. ඒ. ජී. ප්‍රියංගිකා මහත්මිය කීවාය.
මෙම මිනිසුන් පදිංචි වී සිටි ලයිම් පේලිවලට ඉහළ කන්දේ විශාල ඉරි තැලීම් සහ ඒවා පුළුල් වී නායයාමේ දැඩි අවදානමක් මතුවීම හේතුවෙන් මෙම පවුල් ඉවත් කරගත් බවත් පවුල් දහතරෙහි පුද්ගලයන් 58 දෙනකු පුනාගල දෙමළ මහා විද්‍යාලයේ තාවකාලික කඳවුරකට යොමු කළ බවද ප්‍රියංගිකා මහත්මිය කීවාය.
කඳවුරේ සිටින සියලුම දෙනාට පිසූ ආහාර ලබාදීමටත් අවශ්‍ය පහසුකම් ලබාදීමටත් මේ වන විට පියවර ගෙන ඇති බවද ලේකම් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

