බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ෂ්රාන්ට් මොන්ටානා ෆෝරම් සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළේ නැගෙනහිර පාළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහාතායි.
වසර දෙකකට වරක් පවත්වන මේ සමුළුව දින දෙකක් පුරා පැවැතියේය. ලෝකයේ බොහෝ රටවල ඉහළ රාජ්‍ය නිලධාරීන් සහභාගි වූහ. අපරාධ විමර්ශන, ත්‍රස්තවාදි ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම, පරිසර දුෂණය, ජාතීන් අතර සහජීවනය, මහජන ආරක්ෂාව මෙම සම්මන්ත්‍රන න්‍යාය පත්‍රයේ විශේෂ මාතෘකා විය. විවිධ විෂයන්ට ලෝක ප්‍රසිද්ධ විශාරදයෝ මෙම සමුළුව අමතති. අවුරුදු 147ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව මහජනයා අතර තිබු මිතුරු සම්බන්ධය වර්තමානය වන විට ඉතාමත් දුර්වල තත්වයකට පත්වී ඇති බවත් , පළුදුවී ඇති එම අවාසනාවන්ත තත්වය යලි ප්‍රතිවර්ධනය කිරීම උදෙසා එම සමුළුවට විෂය මුලීක උපදෙස් ඉතාමත් වැදගත් බවත් ශ්‍රී ලංකා නියෝජිතයා කියයි.
පරිසර දුෂණය අවම කර ගැනීම සදහා මහජනයා දැනුවත් කිරීමට අවශ්‍යය උපාය මාර්ග හා ඒ සදහා අවශ්‍යය කරන පිලියම් මෙම සම්මන්ත්‍රනයේදි ලබාගත් දැනුම අතරට එක්වන බවත්, ඊට අමතරව විවිධ ජාතීන් අතර සහජීවනය ගොඩ නැගීම උදේසා ආදේශ කළ හැකි විවිධ ක්‍රමවේදයන් ඉහත සමුළුවට ඇතුලත් වූ අතරම සාමාන්‍ය ජනයා හා නිරතුරු සබදකම් පවත්වන පොලිස් දෙපාර්තමේන්තුවට එම තත්වයන් වර්ධනය කිරීමෙහිලා විශේෂ කාර්ය භාරයක් සිදුකල හැකි අතරම පොලීසිය යනු මහජනයාගේ ආරක්ෂකයා මෙන්ම සේවකයා බවද ජයසුන්දර මහතා සදහන් කරයි.
තමා මේ සමුළුවේ දී ලබාගත් දැනුම සියලූදෙනා අතරට එක්කොට ඔවුන්ව දැනුවත් කිරීමට තම උපරිම උත්සහාය දරන බවද ජයසුන්දර මහතා පවසයි.