( මොහොමඩ් ආසික්)
පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බමුණුපොල ග්‍රාම නිළධාරි වසමේ කොස්කොටේ ජනපදයෙන් අද කොවිඩ් 19 වයිරසය ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වීමත් සමඟ එම ජනපදයට දැඩි සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ සහ පොලීසිය එක්ව පියවර ගනු ලැබ තිබේ.
පසුගිය පළමු වනදා සිදු කරනු ලැබූ පීසීආර් පරීක්ෂණ අනුව අද දිනයේ ලැබුණු ප්‍රතිපලවලට අනුව පුද්ගලයින් විසි දෙනෙකු ආසාදිත බවට හඳුනා ගනු ලැබ තිබේ.
මෙම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වයිරසය පිට ප්‍රදේශවලට පැතිරීම වැළැක්වීම සඳහා එම කොස්කොටේ ජනපදයට දැඩි සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

