පූජාපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අඹතැන්න මුල්ලේගම පිහිටි මුස්ලිම් දේවස්ථානයකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් පස් දෙනාට සමාව දීමටත් ඔවුන්ට එරෙහිව අධිකරණයේ ඇති නඩුව ඉවත් කර ගැනීමටත් ඉරිදා (19) මුල්ලේගම ශ්‍රී ප්‍රියදර්ශනාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ දී ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ මුස්ලිම් ආගමික නායකයන් අතර මාධ්‍ය ඉදිරියේ පැවැති සාකච්ඡාවක දී තීරණය විය.