පූජකයා මරා රන් ආභරණ කොල්ල කාලා


(රොමේෂ් මධුෂංක)

මුලතිව් සිලාවත්තෙයි ප්‍රදේශයේ හින්දු කෝවිලක පූජකවරයකුගේ නිවසකට  ඇතුල් වූ කොල්ලකරුවන් පිරිසක් පූජකයා මරා  නිවසේ තිබූ රන් පවුම් 15 ක ස්වර්ණාභරණ සහ රුපියල් ලක්ෂයක පමණ මුදලක් කොල්ල කා පලාගොස් ඇතැයිද පොලීසිය පැවසීය.

පූජකවරයාගේ නිවසේ ජනේලයක් ගලවා ඇතුල් වී ඇතැයි පොලිසි කියයි.

නිවසට ඇතුල් වූ කොල්ලකරුවන් සමග පූජකවරයා පොරබැඳීමේදී පූජකවරයාගේ හිසට මොට ආයුධයකින් පහරදීම හේතුවෙන් ඇදවැටී ඇති අතර පසුව පූජකවරයාගේ බිරිඳ සහ තවත් ඥාතියකු ලණුවලින් ගැටගසා කටට රෙදි පාන්කඩ ඔබා පහරදී මෙම කොල්ලය සිදු කර ඇත.

කොල්ලකරුවන් ගිය පසු අසල්වාසීන්ගේ ද සහායෙන් පූජකයා රෝහල්ගත කර ඇතැයි ඒ වන විට ඔහු මියගොස් ඇත.