පුහුණුවෙන්න බෑ කීවාට පහරදී කබඩ් එකක දමලා


( පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මිනුවන්ගොඩ  ප‍්‍රධාන පෙලේ පාසලක 9 ශ්‍රේණියේ සිසුවකුට ශිෂ්‍ය භට කාමරයේදී පහරදී කබඞ් එකක දමා හිරකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශිෂ්‍ය භට කණ්ඩායමේ  සාමාජිකයකු හා එම කණ්ඩායම නියෝජනය කර දැනට පාසලෙන් ඉවත්වූ සිසුවකු අද(14) සැකපිට අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.

පහරකෑ සිසුවා අද එම පුහුණූව ලැබීමට නොහැකි බව පැවසීම නිසා එම කණ්ඩායමේ සාමාජිකයන් පස් දෙනෙකු විසින් එසේ පහරදී කබඞ් එකක දමා හිර කර ඇති බව මුලික පොලිස් පරීක්ෂණවලදී හෙලිවී ඇත.

මේ බව දැනගත් පාසලේ ගුරුවරුන් මැදිහත්ව සිසුවා මුදවා ගෙන මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සදහා ගම්පහ මහ රෝහලට මාරු කර යවා ඇතැයි පොලිසිය කියයි.