පුහුණුකරුවකු නොමැතිව බූසාන් ගිය ශ්‍රී ලංකා මේසපන්දු පිල අසාර්ථක වෙයි


දකුණු කොරියාවේ බූසාන් නුවරදී දැන් පැවැත්වෙන ආසියානු මේසපන්දු තරගාවලියේ පළමු වටයේ තරගවලදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ දැඩි පසු බෑමකට ලක්වූහ. මෙහිදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගි වූ තරග තුනම පරාජයට පත් වූ අතර කාන්තා පිල එක තරගයක් පමණක් ජය ගතතේය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට පුහුණුකරුවකුගේ සේවය නොලැබුණු අතර කළමණාකරු ලෙස සහභාගි වී ඇත්තේද පිටස්තර නිලධාරියකු යයි මේසපන්දු ප‍්‍රවීණයෝ චෝදනා කරති.

”මෙවැනි තරගාවලියකට පුහුණුකරුවකු- නොමැතිව සහභාගිවීම පිළිබ`දව මේසපන්දු සංගමය වගකිව යුතුයි. දැන් මේසපන්දු තරගාවලියට සහභාගි වෙන්නේ මුදල් තියෙන අය මිසක් සුදුසුකම් ලබන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නොවෙයි” යැයි මේස පන්දු පුහුණුකරුවෙක් පැවසීය.

මෙම තරගාවලියට ක‍්‍රීඩකයෝ සිවුදෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ තිදෙනෙක් සහභාගි වූහ.
පාකිස්තානය (3.1), උස්බෙකිස්තානය (3.1) සහ වියට්නාමය (3.0) හමුවේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම පරාජයට පත්විය. පාකිස්තානය (3.1) කින් පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා පිල වියට්නාමය (3.0) සහ මැකාවෝ (3.1) හමුවේ පරාජයට පත්විය.