ශූරයන්ගේ කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට පෙර පැවැති පුහුණු තරගයේදී ඉන්දිය පිල හමුවේ ලද පරාජය මේ වන විට සහමුලින්ම අමතක කර ඇති බවත් බ‍්‍රහස්පතින්දා පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී එය කිසි සේත්ම තමන්ගේ හිතට වදයක් නොවන බවත් ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසන් කරමින් සඳුදා පැවැති තරගයේදී ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 20 කින් පරාජය කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
මෙම තරගයේදී ශී‍්‍ර ලංකා පිලේ ජයග‍්‍රහණයේ නියමුවා වූ මහේල අලංකාර පිතිහරඹයක යෙදෙමින් ලකුණු 84 ක් ලබාගත් අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිල කඩුලූ 8 ක් දැවී ලකුණු 253 ක් ලබාගත්තේය. නුවන් කුලසේකර (42/3) සහ රංගන හේරත් (48/2) පන්දුවෙන් අනගි දස්කම් දක්වමින් ශී‍්‍ර ලංකා පිල මෙම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියහ.
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය බ‍්‍රහස්පතින්දා කාඞීෆ්හිදී පැවැත්වෙයි.
”පෙරහුරු තරගයක් වුණත් වෙන මොකක් වුණත් දැන් ඒක ඉවරයි. මේක අති විශාල තරගාවලියක්. අප ඉදිරියේ තිබෙන්නේ අවසන් පූර්ව තරගයක්. අප ඒක එනකම් බලා සිටිනවා” යයි මහේල පැවසීය.
”මා හිතන්නේ ඔවුන් (ඉන්දීය කණ්ඩායම) හොඳින් කී‍්‍රඩා කරනවා. ඔවුන්ගේ පිතිකරු අංශය ඉතාමත් ශක්තිමත් බවක් පෙනෙනවා. ඒ නිසා අප ඒ ගැන තමයි වැඩි වශයෙන් අවධානය යොමු කළ යුත්තේ” යයිද ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා පැවසීය.
එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේදී ලකුණු 11,000 පසුකිරීම සම්බන්ධයෙන් මහේල වැඩි යමක් කීමට ඉදිරිපත් නොවීය.
”විශේෂ හැගීමක් නෑ. ඒත් ඉතින් ඒ වගේ කඩයිමක් පසුකර යන්න ලැබුණ එක ගැන සතුටුයි. ඒත් මට ඊට වඩා සතුටක් තියෙන්නේ අප ( ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව) තරගය ජයගත් එක ගැනයි”
”වඩා වැදගත් වන්නේ මගේ ලකුණු සංඛ්‍යාව නෙමෙයි..මා කණ්ඩායමට දක්වන දායකත්වය මොකක්ද කියන එකයි” යයිද මහේල පැවසීය.
”මගේ නම් එකම අරමුණ සහභාගි වන සෑම තරගයක්ම දිනන්නයි...ඒක කුසලානයක් සඳහා අවසන් තරගයක්ද, අවසන් පූර්ව තරගයක්ද නැතිනම් මූලික වටයේ තරගයක්ද කියන එක ගැන මා ඒ තරම් හිතන්නේ නෑ”
”මට විතරක් නෙමෙයි,...අපේ කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ටත් ඒ වගේ හැ`ගීමක් තියෙනවා නම් අපට ගොඩාක් දුර යතෑකි” යයිද හෙතෙම පැවසීය.

