(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ගුවන් හමුදාවට රුපියල් කෝටි 95 කට කට ආසන්න මුදලකින් මිලදීගත් ප්‍රාථමික පුහුණු ගුවන් යානා හයකින් පහක් ඒවායේ එන්ජින් අලුත්වැඩියාව හේතුවෙන් වසර දෙකකට අධික කාලයක් තිස්සේ පුහුණු කටයුතු සඳහා භාවිත නොකිරීමෙන් එම යානා වෙනුවෙන් දැරූ වියදම ප්‍රතිඵලදායකවී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම පුහුණු ගුවන් යානා හයෙන් එකක් 2020 වර්ෂයේ දෙසැම්බර් මස 15 වැනිදා අනතුරකට ලක්ව විනාශව ගොස් තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
විගණන වාර්තාවේ සඳහන් වන අන්දමට මෙම ගුවන් යානා හය මිලදී ගෙන ඇත්තේ 2018 වර්ෂයේ ඔක්තෝබර් 17 වැනිදාය.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති
විගණන වාර්තාවේය.
මේ සම්බන්ධයෙන් අප ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම යානාවල එන්ජින් කිහිපයක් අලූත්වැඩියා සඳහා චීනයට යවා ඇති බවයි. ඒවා අලුත්වැඩියා කළ පසු භාවිතයට යොදා ගත හැකි බවද ඔහු සඳහන් කළේය.

