මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ 21 වැනිදා සවස 6ට පමණ වෙඩි පුහුණුවක නිරතව සිටි සෙබළකුගේ අවියකින් නිකුත් වූ ටී56 උණ්ඩයක් වැදී මාදුරුඔය ධීවර ගම්මානයේ දැරියක් (12) තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළු කරනු ලැබ ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
උණ්ඩය දැියගේ උදරය පසාරු කරගෙන ගොස් ඇති අතර සැත්කමකින් එම උණ්ඩය ඉවත් කැරිණි.
සෙබළු 60 දෙනෙක් පමණ මෙම වෙඩි පුහුණුවීම්වල නිරතව සිටියහ.