පුහුණු අභ්‍යාසයක් සඳහා නාවික හමුදාවේ සාගර හා සුරනිමල නෞකා ඉන්දියාවට


(ඉන්දිකා රාමනායක)

පුහුණු අභ්‍යාසයකට සහ සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව් සාගර හා සුරනිමල යන නෞකා ඉන්දියාව බලා පිටත් වූ අතර මෙම නෞකා දෙක අද (8) ඉන්දියාවේ කොචින් වරාය වෙත ළඟා වීමට නියමිතව ඇත.

සාගර නෞකාවේ  අනදෙණ නිලධාරියා වශයෙන්  කපිතාන්  (සංඥා)  ජනත නිශ්ශංක මහතා  කටයුතු කරන අතර එහි කාර්ය මණ්ඩලය 200 දෙනෙකුගෙන් සමන්විත වේ.

සුරනිමල නෞකාවේ අනදෙණ නිලධාරියා වශයෙන් කපිතාන් චන්දිම සිල්වා මහතා කටයුතු කරන අතර  එහි කාර්ය මණ්ඩලය 120 ‍කින් සමන්විත වේ.

මෙම නෞකා දෙක මෙම මස 11 වැනි දින නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත.