බලන්ගොඩ දෙහිගස්තලාවේ පුස්තකාලාධිපතිනියකගේ (54) පාදයක් විලුඹ අසලින් කපා වෙන්කර එම කොටස රැගෙන ගිය ඇගේ සහෝදරයකු හා ඔහුගේ පුතකු අත් අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.
රැකියාවට ගොස් එද්දී වෙළඳසලක් ඉදිරිපිටදී ඇගේ කකුල කපා වෙන්කර ඇතැයිද ඇය බලන්ගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.
කපා දැමූ පාද කොටස රැගෙන ආවේ නම් එය බද්ධ කළ හැකිව තිබූ බව රෝහලේදී ඥාතීන්ට දැනුම්දී ඇත.

