පුෂ්පා පදනමේ දෙකෝටියකට වු දේ සොයයි


පුෂ්පා  රාජපක්ෂ පදනමේ  බැංකු විස්තර , මුල්‍ය  වංචා  විමර්ශණ පොලිසියට  භාර  දෙන ලෙස කොළඹ  කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා  රාජ්‍ය  බැංකු  දෙකකට  හා  පෞද්ගලික බැංකුවට   අද  නියෝග කළේය.

ව්‍යාජ තොරතුරු  ඉදිරිපත්  කරමින්  පුෂ්පා  රාජපක්ෂ  පදනම නම්  රාජ්‍ය  නොවන සංවිධානය නමින්  ඇමරිකා  ඩොලර්  එක් ලක්ෂ පනස්දහසක් (රුපියල්19,938,750)  බැංකුවක තැන්පත්  කළැයි  කියන සිද්ධියක්  ගැන  පරික්ෂණ ඇරඹූ  පොලිසිය කියනුයේ  මෙම මුදල ශ්‍රී  ලංකා  වරාය  අධිකාරියට අයිති  බවයි.

පොලිසිය අධිකරණ හුමවේ  කියා  සිටියේ  පුෂ්පා  රාජපක්ෂ පදනම  රාජ්‍ය නොවන සංවිධානයක්  ලෙස 2010 දී  ලියාපදිංචි  කර  ඇති  බවයි. මහජන බැංකු  මුලස්ථාන ශාඛාවේ  පවත්වා  ගෙන ගිය  මෙම ගිණුමේ  මුදල්  ඉවත්  කර  ඇති  බව ද පොලිසිය අධිකරණයට  දැනුම්  දෙයි. මෙම සංවිධානයට එම මුදල්  ලැබුණු  ආකාරයත්  වියදම්  කළ ආකාරයත්  සොයා  බලන බව පොලිසිය අධිකරණයට  පවසයි.