පුෂ්පයක් දිනමිණ මුල් පුටුව සරසයි


දිනමිණ පත්‍රයේ සියවසක පමණ ඉතිහාසයේ මුල්වරට කාන්තාවක කර්තෘවරියක වූවාය. දිනමිණ පත්‍රයේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන පුෂ්පා රොවෙල් මහත්මිය අද (28) වැඩ බාරගත්තාය.

වසර 37 ක් පමණ ඇය ලේක්හවුස් ආයතනයේ සේවය කරන්නීය. ලේක්හවුස් හි ප්‍රාදේශීය ප්‍රවෘත්ති අංශයේද ඇය වැඩ කළාය.

කැලණිය සරසවියේ ශාස්ත්‍රවේදී උපාධිධාරිණියක වන පුෂ්පා රොවෙල් මහත්මිය 1977 උප කර්තෘවරියක ලෙස දිනමිණ පුවත්පතට එක්වූ අතර පසුව කර්තෘ මණ්ඩලයටද ප්‍රධාන උප කර්තෘ ධූරයටද උසස්වීම් ලැබුවාය. ඇය 2002 වසරේදී සම කර්තෘ ධූරයට පත්වූවාය.

web-pushpa