පුෂ්පකුමාරත් ජනපති කොමිසමට කැඳවයි


සිය බිරිඳගේ නමින් රජයේ ඉඩමක් බද්දට ගෙන රජයේ මුදල් වලින් එය සංවර්ධනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 1  1/2කට අධික පාඩුවක් සිදු කළ බවට බරපතල වංචා සහ දුෂණ සොයන ජනපති කොමිසමට ලැබී  ඇති පැමිණිල්ලක් ගැන ප‍්‍රශ්න කිරීම සඳහා හිටපු පොල් කර්මාන්ත ඇමති ජගත් පුෂ්පකුමාර මහතා අඟහරුවාදා (03) වැනිදා කෙමිසම හමුවට කැඳවා ඇත.

එම ඉඩම සංවර්ධනය කිරීම සඳහා යන්ත්‍රෝපකරණ, සේවකයින් ආදිය යොදවනු ලැබ ඇත්තේ පොල් සංවර්ධන මණ්ඩලයෙන් බවටද කොමිසමට තොරතුරු ලැබී ඇතැයි දැනගන්නට ඇත.