පුවරසන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට


ඉන්දිකා රාමනායක

     

2010 වසරේ දී කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ නිවසක සිදුවු බව කියන සොරකමක්  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  සැකකරුවකුට සහ ඔහුගේ පුතාට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  වව්නියාව  පුවරසන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා    පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට සුදානම් වු අවස්ථාවේ ඔහු අසනීප තත්ත්වයක් මත කළුබෝවිල රෝහලට ඇතුළත් වී ඇති අතර පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් ඔහු කළුබෝවිල රෝහලේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා එවකට සේවය කර ඇත්තේ කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසයි.