පුවත්පත් කලාවේ ප්‍රථම ආචාර්ය උපාධිය රංග කලංසුරියට


ශ්‍රී ලංකාවේ ස්වභාෂා පුවත්පත් ප්‍රවෘත්ති වාර්තාකරණය  සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාවේ ප්‍රථම ආචාර්ය උපාධිය  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව වීද්‍යාලයයේ උපාධි ප්‍රධානෝත්සවයේදී රංග කලංසුරිය මහතාට හිමි විය.

උපාධි ප්‍රධානෝත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ස්වභාෂා මාධ්‍ය ජනවාර්ගික වාර්තාකරණය  මැයෙන් ඉදිරිපත් කළ නිබන්ධනයට ඔහුට මෙම ආචාර්ය උපාධිය හිමි විය.

මහාචාර්ය තිස්ස කාරියවසම්  හා මහාචාර්ය  ධම්මික ගංගානාත් දිසානායක මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ  ඔහුගේ නිබන්ධනයට ලක් වුයේ  යුද සමයේ කාලවකවානු තුනකදී ස්වභාෂා මාධ්‍ය වාර්තා පිළිබදව සංසන්ධනාත්මක විග්‍රහයකි.

ලේක්හවුස් ආයතනයේ පුවත්පත් කලාවේදීයකු ලෙස 1990 දී පුවත්පත් කලාවට පිවිසි ඔහු ශ්‍රී ලංකා පුවත්පත් විද්‍යාලයයේ හා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමෙහි අධ්‍යක්ෂ ජනරාල්වරයා විය .

 දැනට ඔහු  ඉන්ටර් නැෂනල් මීඩීයා සපෝට් මාධ්‍ය ආයතනයේ  ආසියා කලාපයේ උපදේශකයකු හා පුහුණුකරුවකු ලෙසත් සේවය කරයි.
ඔහු  අභාවප්‍රාප්ත සෝමාදේවී පරණයාපා පුවත්පත් කලාවේදීනියගේ හා අභාවප්‍රාප්ත සිවිල් සේවක සිරිවර්ධන කලංසුරිය මහතාගේ පුත්‍රයාය.

 

ආචාර්ය රංග කලසුරිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුළපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියනට වැද නමස්කාර කරයි.

 

ඡායාරූප - නිසල් බදුගේ