පුල්මුඩේ ඛණිජ වැලි නිදියේ කැනීම් කටයුතු සිදු කිරීමට ලංකා ඛණිජ වැලි සංස්ථාවට එම බලපත්‍රය ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) අද (07) නිර්දේශය කළේය.
ඒ අනුව 2017 වසර සඳහා අදාළ බලපත්‍රය ලබා දීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය එකඟ වූ බව කෝප් කමිටුවේ සාමාජිකයෙක් පැවසීය.
පුල්මුඩේ ඛණිජ වැලි නිධියේ කැනීම කටයුතු සඳහා ලංකා ඛණිජ වැලි සංස්ථාව අවසර ඉල්ලා තිබුණද මෙතෙක් එම බලපත්‍රය ලබා දී තිබුණේ නැත.
රජ්‍ය ආයතනයක් වන ඛනිජ වැලි සංස්ථාව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ආයතනයකි.

