ජුලි පළමුවැනිදා සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මසට හරකුන් ප්‍රවාහනය තහනම් කැරේ.
තමන් කඩුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී මෙම තීරණය ගැනිණි.
මේ අනුව පොළොන්නරුවේ සිට මසට හරකුන් කොළඹ හා අවට නගර වලට ගෙන ඒම සපුරා තහනම් වේ .දිනකට බලපත්‍ර සහිතව හරකුන් 250 ක් පමණ කොළඹට ප්‍රවාහනය කෙරේ.
හොරෙන් ප්‍රවාහන කෙරෙන සංඛ්‍යාව කෙතෙක් දැයි කිසිවෙක් නොදනිති. ගව ඝාතනයට එරෙහිව බෝඅත්තේ ඉන්ද්‍රරතන හිමි පසුගියදා මහනුවරදී ගිනි තබාගෙත අපවත් වුහ.
ගවයින් ප්‍රවාහනයට අවසර නොදෙන ලෙසත් මේ පිළිබදව අවධානය යොමු කරන ලෙසත් මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රිත් ලේකම් නිමල් අබේසිරි මහතාට හා පොලීසියට උපදෙස් දී ඇත.