රිටිගල රක්ෂිතයේ දුෂණ ගැන ලංකාදීපයේ පළ වු වාර්තාවක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ වුවමනාවක් මත පොලිසියෙන් කළ පැමිණිල්ලකට විරෝධය පාමින් මාධ්‍යවේදීහු පිරිසක් අද (12) කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වෙති.
උද්ඝෝෂණය පටන් ගන්නට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපස දොරටුව විවෘත කර තිබු නමුත් උද්ඝෝෂණය ආරම්භ වීමත් සමඟ එහි ආරක්ෂකයකු දොරටුවට යතුරු දැමීය.
උද්ඝෝෂණය අතරතුර ආචාර්ය දිසානායක මහතා එම වාර්තාව ලියු කාංචන කුමාර ආරියදාසට දුරකථනයෙන් කතා කර පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බව පැවසීය. නමුත් ඔවුහු පවසා සිටියේ ඉදිරියට පැමිණ ඒ බව පවසන ලෙසයි.
ජායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද












![image-2de2673fc315ee96b5348276b7024d0f65ec53d0a84209fed98ab78f1a2bd033-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/image-2de2673fc315ee96b5348276b7024d0f65ec53d0a84209fed98ab78f1a2bd033-V1.jpg)
![image-8b7ed160ac16270b66883fcc283c315179680b3aa1f25c1914994dc14acbf0f0-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/image-8b7ed160ac16270b66883fcc283c315179680b3aa1f25c1914994dc14acbf0f0-V1.jpg)
