පුරාවිද්‍යා සමුළුව හත් වැනිදා


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව  ජාතික උරුමයන්  පිළිබඳ අමාත්‍යාශය මගින් සංවිධානය කරන පුරා විද්‍යා සමුළුව ලබන සඳුදා    කොළඹ 7 ශ්‍රීලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට  නියමිතය

ජාතික උරුමයන්  පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය සහ අමාත්‍යාශ ලේකම්  ආචාර්ය නන්දා  වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වෙන සමාරම්භක උළෙල අවසානයේ විශේෂ සම්මන්ත්‍රණයක් ද සංවිධානය කැර ඇතැයි  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක මහතා පවසයි.