පුරා විද්‍යා ස්ථාන ආරක්ෂා කරන සිවිල් ආරක්ෂකයන්ට දීමනාවක්


පුරා විද්‍යා ස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති සිවිල් ආරක්ක භටයින්ට රුපියල් 300ක දෛනික දීමනාවක් හා ඔවුන්ගේ යතුරුපැදි සඳහා ඉන්ධන ලබාදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එකඟතාවය පළ කර ඇත.

සිවිල් ආරක්ෂකයින් 1200ක් පමණ පුරාවිද්‍යා ස්ථාන 350ක ආරක්ෂාවට යොදවා ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.