පුරවැසි යෝජනාවට ඕස්ට්‍රේලියාවෙන් නොසතුට


ද්විත්ව පුරවැසි භාවය දීම සඳහා ශ්‍රී ලංකාව රුපියල් ලක්ෂ පහක් අය කිරීමට මුදල් ඇමැති රවී කරුණානායක මහතා අයවැයෙන් කළ යෝජනාව ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ නොසතුට පළ කරති.

ඔවුන් බොහෝ දෙනා පවසනුයේ එතරම් මුදලක් අය කිරීම අසාධාරණ බවයි.

ඉන්දියාව අයකරනුයේ ඩොලර් තුන්සියයක් බවයි.

එක් රටක පුරවැසි භාවය හිමි ශ්‍රි ලාංකිකයකු ශ්‍රී ලාංකාවේ පුරවැසිභාවයට අයදුම් කරන්නේ නම් ඒ සඳහා රුපියල් පන් ලක්ෂයක් ගෙවිය යුතු බව බ්‍රහස්පතින්දා අයවැයේ සඳහන් වේ.