ඩෙංගු උවදුර මර්ධනය කිරීමේ අරමුණින් කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේ හදිසි මෙහෙයුමක් අද (10) උදෑසන ඇරැඹිය.
ඒ අනුව පිටකොටුව ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන බස් නැවතුම් පොළත් ,මරදාන දුම්රිය බඩු ගබඩා අංගනයත් සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් විය.
දුම්රිය ගබඩා අංගනයේ වැහි වතුර රැදී තිබු ස්ථානයක මදුරු කීටයන් සිට සොයා ගත් අතර පිටකොටුව ලංගම බස් නැවතුම් පොළෙහිද ජලය රැදී වසා දමා තිබු කඩ කාමර කිහිපයක්ම තිබී සොයා ගැනිණි.
දුම්රිය දෙපාර්තමේන්තුවටත් ලංගම ආයතනයටත් ලිඛිතව දැනුම් දී වහාම එම ස්ථාන සුද්ධ පවිත්‍ර කරන ලෙසද නියෝග නිකුත් කළේය.
කොළඹ මහ නගර සභාවේ දිසා අංක 02 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජී.ඩී කේ ලක් ප්‍රිය මහතා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක ලාල් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම සෝදිසි මෙහෙයුමට සහභාගී වුහ.