මඩකලපුව වන්දාරමුල්ලේ දි 1997 දී බෝම්බයකට හසුවී දකුණු ඇස සහ දකුණු අත අහිමි වූ වන්දාරමුල්ලේ කන්නනායගම් අරුලානන්දම් ගඩොල් කපා ජීවිතයේ සරිකර ගනියි.
අරුලානන්දම්ගේ දැන් වයස අවුරුදු 26කි. අවුරුදු 11දී ඔහු බෝම්බයට පසුවිය. ඔහු වැඩ කරන ගඩොල් වැඩපොල පිහිටියේ අම්පාරේය.
ඔහු මැටි කපා තනියම වතුර ඇදගෙන මැටි පාගා ගඩොල් කැපීම සිදු කරන ආකාරය බලන පුදුම සහගතය. ගඩොල් 300-400 අතර කපන බවත් ගඩොල් වැඩ පලේ අයිතිකරුය. ටී.එම්. සමන්ත අත්උදව් කරන බවත් අරුලානන්දම් කියයි. සතිදෙකකට වරක් මඩකලපුවට යන අරුලානන්දම් මව පියා සහ සහෝදරියන්ගේ දුක සැප බලා නැවත ගඩොල් වැඩපොළට පැමිණේ. අරුලානන්දම්ගේ පියා මයිල්වානගම් කන්නනායගම්ය. මව සෙල්ලතම්බි සරස්වතීය. තනම් සහ දර්ශිණි සහෝදරයා සහ සහෝදරියන්ය.