


සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අපරභාර 7.40 ට පුණ්‍ය කාලය උදා විය.නැකත් පත්‍රයට අනුව හෙට සිකුරාදා පූර්ව භාග 8.28 දක්වා පුණ්‍ය කාලය බැවින් අද දින අපරභාග 7.40 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු වේ.
නැකැතක් නැති කාලය පුන්‍ය කාලය වන අතර ආගමික වතාවත් වෙනුවෙන් කාලය යෙදවීම ඉතා යෝග්‍ය බව පැරැන්නෝ පවසති.
හෙට සිකුරාදා පූර්ව භාග 2.04ට සිංහල අලුත් අවුරුද්ද උදා වන අතර ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ පූර්ව භාග 5.41ටයි. රන්වන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිණි මොලවා ගිතෙල් හා හකුරු මිශ‍්‍ර කිරි බතක් ද අග්ගලා සහ කැවිලි වර්ගයක් ද පිළියෙලකර ගැනීම සුදුසු වන අතර වැඩ ඇල්ලීම, ගණු දෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ සිකුරාදා හෙට පූර්ව භාග 07.05ටයි. සුදු සහ නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණු දෙනු කොට ආහාර අනුභව කිරීම සුදුසු වනබව නැකත්පත්‍රයේ සඳහන්වේ..

