පුනරුත්ථාපනය වූ කොටින්ට විදෙස් ගතවීමට අවසර


ආරක්ෂක අංශ වෙතට බාර වී වසර කිහිපයක් පුනරුත්ථාපනය වී නිදහස ලබා නිවෙස්වලට ගිය හිටපු කොටි සාමාජිකයින්ට අවශ්‍ය නම් විදෙස්ගත වීමටද පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යංශය කටයුතු යොදා ඇතැයි වන්නි පුනරුත්ථාපන සම්බන්ධීකරණ අධ්‍යක්ෂක කර්නල් එම්.ඒ.ආර්.හැමිඩෝන් මහතා පවසයි.

වව්නියාව පූන්තොට්ටම් පුනරුත්තාපන කඳවුරේදී පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයින් තිදෙනකු නිදහස් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමින් ඔහු එසේ කීය.

12,000 කට අධික පිරිසක් මේ වන විටත් පුනරුත්ථාපනය කොට සමාජගත කොට ඇති බවත් මේ වන විට එම පිරිස් සඳහා කෘෂිකාර්මික,පෙදරේරු  ඇතුරු විවිධ ස්වයං රැකියා අවස්ථාද රාජ්‍ය හා රාජ්‍ය නොවන රැකියා අවස්ථාද ලබා දී ඇති බව  කර්නල් හැමිඩොන් මහතා කීවේය.