ලෝකයේ පුදුම හතට අයත් අයිෆල් කුලුන පුදුම හතේ දැවැන්තයෙකි. යකඩ ටොන් 7300ක් භාවිතයට ගෙන මීටර් 324ක් උස යකඩ කුලූන සිටුවා ඇති සතර පාදයන් අතර ඇති ආරුක්කු හැඩති උළුවස්ස 1889දී ප‍්‍රංශයේ අගනුවර පැරීසියේ පැවැති ලෝක කාර්මික ප‍්‍රදර්ශන භූමියට ඇතුලූවන දොරටුව වුයේය.
ප‍්‍රංශ ජාතික ඇලෙක්සන්ඩර් ගුස්ටව් අයිෆල් නම් රසායනික හා සිවිල් ඉංජිනේරුවාගේ විස්මිත නිර්මාණයක්වූ යකඩ කුලූන දිනපතා නරඹන්නන්ගෙන් පිරී ඉතිරී ඇත්තේය. ආදරවන්තයන්ට සංකේතයක්වූ මෙම කුලූන පරිශ‍්‍රය ආදරවන්තයන්ගේ තෝතැන්නකි. දෙඅත් පිරිමදිමින්, සිපවැළඳ ගනිමින්, ආදර බස් දොඩමින් යකඩ කුලූනේ පියගැට පෙල තරනය කරන ආදරවන්තයන්ට අසලින් ගලා බැස යන ශේන් නදියෙන් හමා එන සිසිල් සු
ළං රැලි ඔවුනගේ විඩාව සංසිදුවයි.
ආදරයෙන් පිරීගිය අයිෆල් කුලූනේ යකඩ පඩිපෙලේ කොටසක් පසුගිය සතියේ පැරීසියේදි ප‍්‍රසිද්ධ වෙන්දේසියකදී විකුනුවේය.
1983 වසරේ අයිෆල් කුලූනේ නඩත්තු හා අලුත් වැඩියා ව්‍යාපෘති සිදුකෙරුනු අවස්ථාවක පලමු හා දෙවන මහල අතර ඇති පියගැට පෙලේ කොටසක් සැලසුමට හානියක් නොවන ලෙසට ඉවත් කළේය.
බිම් මහලේ සිට දෙවැනි මහල දක්වා 1665 කින් සමන්විත පියගැට පෙලේ පඩි 19කින් සමන්විත මීටර් තුන හමාරක් උස කිලෝ: 750ක් බරැති දැනට වසර 125ක් අයුස හිමිකර ගත් ඓතිහාසික යකඩ පඩිපෙළ යුරෝ තිස්දාහකට හෙවත් රුපියල් ලක්ෂ 51 කට වෙන්දේසි කරුතක්සේරු කළහ.
පසුගිය සතියේ පැරීසියේ ලෝකයේ සුප‍්‍රසිද්ධ ආර්ට්කූරූසියල් වෙන්දේසි පොළේදී පෘතුගීසි ජාතික සමරු එකතු කරන්නෙක් මිලදී ගත්තේය. ගැනුම්කරුවෝ අට දෙනෙක් ඒ සදහා ඉදිරිපත් වූහ. සිව්දෙනෙක් දුරකතනයෙන් වෙන්දේසි යට තරග කළහ. අවසානයේ පෘතුගීසි ජාතිකයා විසින් ලංකාවේ මුදල් රුපියල් ලක්ෂ 374 ක මිලකට මිලදී ගත්තේය.

