පුදුකුඩිඉරිප්පුවෙන් අත් බෝම්බ 14 ක් මතුවෙයි


(රොමේෂ් මධුෂංඛ)
 
පුදුකුඩිඉරිප්පු නෙත්තලිආරු ඇළක තිබී අත්බෝම්බ 14ක් සහ බෝම්බ ෆියුස් 12ක්   සොයාගත් බව කිලිනොච්චිය පොලීසිය කියයි.
 
එම අත් බෝම්බ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි.
යුද සමයේදී කොටි සංවිධානය විසින් වළදමා තබන්නට ඇති බවත් ඇළ මාර්ගයේ ජලය ගලා බැසීමෙන් බෝම්බ සහිත උරය මතුවන්නට ඇති බවත් පොලීසිය සැක කරයි.