පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා තාවකාලිකව නවත්වයි


(ජයන්ත සමරකෝන්)
 
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක් දින සේවා ඇතුළුව සියලුම සේවාවන් නැවත දැනුම් දෙනතුරු  හෙට (24) සිට තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත.

මෙහිදී බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය හා සියලුම පළාත් කාර්යාල වසා තැබෙන බවද  එම දෙපාර්තමේන්තුව කියයි.
මීට පෙර එක්දින සේවාවන් සඳහා දින හා වේලාවන් ලබා දී ඇති  සියලුම ඉල්ලුම්පත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල පිහිටි හැඳුනුම්පත් අංශ වෙත බාරදිය හැකි බවද, ඒවා නොමිලේ සකස්කර දීමට කටයුතු යොදා ඇතැයිද එහි  කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

හදිසි අවශ්‍යතා සඳහා හැඳුනුම්පත් සකස් කිරීමට අවශ්‍ය වූවහොත් 011-5226126 / 0115-226115 / 011-5226100/ 011-5226150 යන අංකවලින් විමසිය හැකි බවද  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තමේන්තුව සඳහන් කරයි.