(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නිවසකට ඇතුළුවී දේපළ සොරා ගැනීමට තැත් කිරීමට උත්සාහ කල පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සොහොයුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බ්ලූ මැන්ඩල් පොලිසියකියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15 කිඹුලා ඇල ප්‍රදේශයේ වයස අවුරුදු 23-28 අතර පසු වන පුද්ගලයන් දෙදෙනෙකි.ඝාතනයට ලක් වූ පුද්ගලයා කොළඹ 15මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම් රම්සාම් නැමති40 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා සැකකරුවන්ගේ නිවසට දේපළ සොරා ගැනීම සඳහා ඇතුළු වීමට ගිය අතරවාරෙදි ඔවුන් දෙදෙනා විසින් මරණකරුට පහර දී බිම වැටී ඇතැයි පොලිසිය කියයි.
.