ගැබිණි මවුවරුන්ට ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා දුන් පෝෂණ මල්ලේ ඇති කවුපි සහ කඩවල ගුල්ලන් සහිතව මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් පැවතීම නිසා එම ද්‍රව්‍ය ලබාගත් ගිනිගත්හේන විවිධ සේවා සමූපකාරයට ආපසු ලබා දුන් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.කේ.එල්. වසන්ත මහතා පවසයි. ගැබිණි මවුරුන්ට රුපියල් දෙදෙසහක පෝෂණ මල්ලක් ලබාදීමේ ජාතික උත්සවයට සමගාමීව නෝර්වුඩ් වතුයායේ ගැබිණි මවුවරුන් 150 දෙනකුට ද පෝෂණ මල් බෙදා දි තිබිණි. පෝෂණ මළු ලබා ගත් මවුවරුන් කළ පැමිණිල්ලක් මත ඒවා පරික්ෂා කිරීමේ දී ගුල්ලන් ඇති බව දැක ගන්නට ලැබුණු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. මේ සම්බන්ධයෙන් ගිනිගත්හේන ප්‍රදේශීය ලේකම් එච්.එම්.බී. හෙරත් මහතා කියා සිටියේ අදාල සමිතියට කිසිදු ගෙවීමක් නොකරන බවයි. මින් ඉදිරියට ලබාදෙන පෝෂණ මල්ලට අවශ්‍ය ද්‍රව්‍ය පෞද්ගලික අංශයෙන් ලබා ගන්නා බවයි.

