පුතා සිසුවියගේ ගවොමට මඩ ගහයි


දඹුල්ල අසළ පාසලක සිසුවකු සිසුවියකගේ සුදු ගවොමට මඩ ගැසීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිසුවියගේ මව දඹුල්ල පොලිසියට ගියාය.

ගවොම සෝදා දෙන ලෙස පොලිසිය සිසුවාගේ මවට කීවේය. ගුරුවරියක වන ඇය ගවුම සෝදා නොදුන් බව සිසුවියගේ මව යළි පොලිසියට පැමිණිලි කළාය. දෙපාර්ශවය යළි පොලිසියට කැඳවිණි. සිසුවියට අලුතින් ගවොමක් මිලට ගෙන ඇගේ මවට දෙන්නැයි පොලිසිය කීවේය.