දුරකථන රැහැන් මීටර 300ක්ද සමග අත් පොරවක් රැගෙන අද අලුයම අවිස්සාවේල්ලේ සීතාවක ප්‍රදේශයේ මහමග සිටි බාලවයස්කරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු සමග ඔහුගේ පියාද සිටි නමුත් පොලිසිය එද්දී ඔහු පොලිසිය මග හැර ගිය බවට තොරතුරු ඇතැයිද පොලිසිය පවසයි.
මේ ප්‍රදේශයේ වල් ඌරන්ට උගුල් අටවා මරණ බවටද තොරතුරු ඇති බවත් දුරකථන රැහැන් ඔහු ළඟ තිබීමෙන් වෙනත් ප්‍රශ්නයක් මතුවන බවත් පොලිසිය සඳහන් කරයි.

