(ලක්මි කුඩලිගම,තුසිත ද සිල්වා සහ සුමිත් පොතුපිටිය)
වැලිපැන්න හිරිවැද්දල නිවෙසක දී 32 හැවිරිදි පුතා 73 හැවිරිදි පියාට පහරදී මරාදමා ඇතැයි පොලිසිය කියයි.
පියා ඝාතනය කළ බව කියන පුතා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිපැන්න පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත කළ විමර්ශනයයෙන් අනාවරණය වී ඇත්තේ පිය පුතු දෙදෙනා බීමත්ව සිට බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙය සිදුවී ඇති බවයි.
ඒ අනුව තම නිවසේදීම ඝාතනය වී ඇත්තේ කත්‍රිආරච්ච්ගේ ලයනල් සිරිවර්ධන නැමැත්තෙකි.

