පුත්තලමේ ශාලාවකින් සොයා ගත් ඡන්ද ප්‍රතිකා ගණන් කිරීම හෙට


පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙන් පසුගිය 24 වැනි දා සොයා ගන්නා ලද ඡන්ද පත්‍රිකා අඩංගු මලු හෙට (4) විවෘත කර ගණන් කරන්නැයි මැතිවරණ නිලධාරීන්ට පුත්තලම මහේස්ත්‍රාත්  රංග දිසානායක මහතා අද (03) නියෝග කළේය.

මලු වල අත්සන් තැබු අපේක්ෂකයින් දොළොස්දෙනාට හා  පුත්තලම පොලිසියේ විමර්ශන අංශයේ නිලධාරීන්ට ද  අධිකරණයේ පෙනී සිටින්නැයි ද අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා මාර්ගයෙන් මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට දන්වා ඇත.