පුත්තලමේ වන නිලධාරීන් 5 දෙනෙකුගේ වැඩ තහනම්


 (හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම අඩවි වන නිළධාරි කාර්යාලයේ  අඩවි වන නිළධාරියා ඇතුළු නිළධාරින් පස් දෙනෙකුගෙ සේවය ඉකුත් සිකුරාදා (10) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් අනුර හතුරුසිංහ මහතා කටයුතු කර තිබේ.

තබ්බෝව අභය භුමියේ ආරක්ෂිත කලාපයට අයත්  විරක්කොඩිචෝලේ රක්ෂිතය තුළ සිදු ඇති වන සංහාරය පිළිබදව රාජකාරි පැහැර හැරීම ඇතුළු චෝදනා රැසක් ඔවුන්ට එල්ල වී තිබිණි.

තිරසාර සංවර්ධන හා වන ජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ උපදෙස් මත විමර්ශනයකට එම රක්ෂිතයට ගිය කණ්ඩායමකට බාධා කළැයි ද ඔවුන් ට චෝදනා එල්ල වෙයි.

අඩවි වන නිලධාරියා ඔහුගේ රාජකාරි පිස්තොලයෙන් වෙඩි  තැබිමට සුදානම් වු බව ද එම විමර්ශන නිලධාරීන් පැමිණිලි කර තිබුණි.

 

 

(එම විමර්ශනයේදී සොයාගත් උපකරණ හා දැව කොටස්)